පුවත්

හංවැල්ලේ ඝාතනයට ආ යතුරු පැදිය හමුවෙයි ! (වීඩියෝ)

Published

on

හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (19) පස්වරුවේ සොයා ගත් බව පොලිසිය කියයි.

සොයාගත් එම යතුරු පැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකා දමා ඇති අතර ඉදිරි සහ පිටුපස අංක තහඩු ද නොමැති බවත් පොලිසිය කියයි.

යතුරු පැදියේ පැමිණි ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු හිස ඇතැයිද පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයා මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබා දීම මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකි.

Trending

Exit mobile version