කොන්දේසි සහිතව සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව මුස්ලිම් කොංග්‍රසය අද (04) පවසා තිබේ.
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වී තිබුණි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි නායක රවුෆ් හකීම් මහතා පවසා තිබුණේ “සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,” යනුවෙනි.