පුවත්

හදවත් රෝගීන් වෙනුවෙන්  රජය තීරණයක් ගනී

Published

on

ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් වයල් 6,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ .

හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත් වීම වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නතක් වන ටෙනෙක්ටිප්ලේස් 40ම්ග් එන්නතින් වයල් 6000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත .

ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ .

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවෙහි M/s Lifecerll Interventions (Pvt) Ltd (Manufacturer – Gennova Biopharmaceuticals Limited, India) වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

Trending

Exit mobile version