Connect with us

පුවත්

හදිසියේම ඖෂධ නීතිගත සංස්ථාවට ගිය සෞඛ්‍ය ඇමති

Published

on

ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින්ව ධෛර්වත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඖෂධ කේෂ්ත්‍රය වර්තමානයේ ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුනි.

නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම අදහස් පළ කළේය.

එහිදී ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත විය.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

පුවත්

අක්මීමන වෙඩිතැබීමක්

Published

on

By

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර, ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ.

අදාළ සේවකයා විසින් මීට පෙර ඔහුට දුරකථන ඇමතුම් ඔස්සේද තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, එම පුද්ගලයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

දේශ­බන්දු අද පරී­ක්ෂණ කමි­ටුවට සාක්ෂි දෙයි

Published

on

By

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව හමුවේ වග­උ­ත්ත­ර­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අද (23) සාක්ෂි දීමට නිය­මි­තය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව අද (23) පෙර­වරු 9.30ට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වී­මට නිය­මි­තය.

මෙම දින 03 තුළ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ සාක්ෂි­ක­රු­වන් 15 දෙනකු කමි­ටුව හමු­වට පැමි­ණී­මට නිය­මිත බව වග­උ­ත්ත­ර­කාර පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා කමි­ටු­වට දන්වා සිටි­යේය.

Continue Reading

පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

Published

on

By

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 සිට 50 දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ , හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved