Connect with us

පුවත්

හදිසි බස් වර්ජනයක්

Published

on

අද (31) උදෑසන 138 කඩවත – කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ඒ අනුව කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව ඇත.

ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කළ බව වාර්තා වේ.

138 බස් රථහිමියන් පවසන්නේ, කිරිබත්ගොඩ – පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇති බවය.

මේ අතර කඩවත – කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි වල උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කරයි.

එම හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසන අතර අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved