Connect with us

පුවත්

හපුතලේදී මරා දමා ඇත්ත‌ේ ප‌ොලිසිය පැය 24 ආරක්ෂාව දුන් අයෙක්ව

Published

on

හපුතලේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇත්ත‌ේ ඔහු ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වීම නිසා යැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිද්ධියනේ එම හෝටලයේ  හිමිකරු ද තුවාල ලබා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඝාතනය වූ පුද්ගලයා එම හෝලටයේ වසර එකහාමාරක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින අයෙක් බවත් ඔහු ගන්දර පදිංචිකරුවෙක් බවත් පැවසේ.

මෙම පුද්ගලයා විසින් ලබාදුන් සාක්ෂියක් මත මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙක් බන්ධනාගාරගතව සිටින බවත් එම සාක්ෂිය ලබාදීම හේතුවෙන් ඔහුට මරණීය තර්ජන එල්ලවී තිබී ඇති බවත් පොලිසිය කියයි.

ඒ නිසාම වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ඔහුට පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසියට නියෝගයක්ද කර තිබී ඇත.

ඒ අනුව ඔහු ගන්දර රැඳී සිටින කාලය තුළ පැය 24 පුරාම පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබී ඇතැයි පැවසේ.

ගන්දර රැඳී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ බැවින් ඔහු සැඟවුණු ජීවිතයක් පසුගිය කාලය පුරාවට ගතකර ඇති බවද වාර්තා වේ.

දෙවුන්දර පෙරහර උත්සවය පැවැති දින කිහිපය තුළ මෙම පුද්ලයා නැවතත් ගන්දරට පැමිණ සිටි බවත් ඔහු දින තුනක් ගන්දර රැඳී සිට ඇති බවද පැවසේ.

එසේ රැඳී සිටීම ජීවිතයට තර්ජනයක් බව පොලිසිය ඔහුට පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ගන්දරින් නැවතත් පිටත්ව ගිය බවත් ඔහු රැඳී සිටි කාලය තුළ පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කියා සිටී.

මෙම පුද්ගලයා ජීවිත තර්ජනය හේතුවෙන් ගන්දරින් ඈත්ව හපුතලේ කොළඹ පාරේ පිහිටි හෝටලයක සේවකයෙක් ලෙස රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් හෝටලයට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පිස්තෝලයකින් වෙඩි තබා තිබෙන බවත් පොලිසිය කියයි.

ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ වෙඩික්කරු සහ ඔහු සමඟ පැමිණි පිරිස සහ ඔවුන් පැමිණි  වාහන පොලිසිය විසින් සොයා ගැනීමට මේවන විට උත්සාහ කරමින් සිටින බවද පැවසේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved