Connect with us

පුවත්

හබරාදූවේ වෙඩි තැබිමක්

Published

on

හබරාදූව, හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියගොඩ, හරුමල්ගොඩ, හබරාදුව පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයෙකු බවය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් 34 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පැවසේ.

මොහු ඉන් බේරිම සඳහා අසල තිබු ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවේදී එහි සිටි රියදුරුටද වෙඩි වැදී ඇති බව පොලිසිය සඳහන් කලේය.

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන අතර, සිදුවීම සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පුවත්

පෑලියගොඩ නගර සභාවට පැරැදිච්ච අපේක්ෂකයෙක් ගේන්න සජබ ඇතුලේ ගේමක්!

Published

on

By

විපක්ෂයට වැඩි බලය හිමි පෑලියගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ පැරදුන නගරාධිපති අපේක්ෂකයා ලයිස්තුවෙන් පත් කිරීමට කතාබහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම සභාව ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුවද එයට හිමිව ඇත්තේ සභික ධූර අටක් වන අතර විපක්ෂයට සභික ධූර 9ක් හිමිව තිබේ.

ඒ අනුව විපක්ෂයට, සමගි ජන බලවේගයට සභිකයන් 4ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් එක බැගින් හිමිව තිබේ.

මේ ප්‍රතිඵිලය අනුව කාන්තා නියෝජනය 25% සඳහා සමගි ජන බලවේගය සිය බෝනස් සභික ධූර වලින් 2ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතුවේ.

මේ තත්ත්වය මත පූර්ව එකඟතාවයකින් පොදුජන එක්සත් පෙරමුණේ සභික ධූරය සඳහා කාන්තාවක් පත්කර, ඉන් කාන්තා 25% සම්පූර්ණ කර සජබ බෝනස් සභිකධූරය සඳහා පැරදුන සභාපති අපේක්ෂකයා පත් කිරීමට සූදානම් වන බව සජබ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙය මූල්‍යමය ගනුදෙනුවක් මත සිදුවන්නක් බවට ද වාර්තා පැතිර තිබේ.

මේ ගනුදෙනුව පිටුපස ද සජබ නායකයාගේ උපදේශක සිටින බව වාර්තා වේ.

Continue Reading

පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

By

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved