“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක ඇඩ්‍රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය තියෙන්නෙ නයිජිරියාවෙ මුඩුක්කුවක.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.
“අපේ පිරිපහදුක් දාන්න එන සමගාම. තියෙන්නෙ නයිජීරියාවෙ මුඩුක්කුවක. බොරු නම් දාලා මේ එන්නේ රටින් ඇදපු කළු සල්ලි.”
“ලෝකයේ දූෂණය ගැන වංචාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විවිධ ප්‍රඥප්ති සම්මත කරනවා. ලෝක බැංකුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වංචාව ගැන අවධානය යොමු කරලා තියනවා.
හොරකම් කළ ධනය පිටරවල හංගගෙන ඉන්න අයට මේව මෙහෙට ගේන්න ඕන. ඒ නිසා කොහේ හරි තැනක සමාගමක් ලියාපදිංචි කරනවා.
ලෝකයේ තියනවා සමාගම් ආකෘතියක්. ඒ ආකෘතිය අනුව ඒ සමාගමේ අයිතිකාරයා කියන්න ඕන නෑ. එහෙම ලියා පදිංචි කරලා හොරකම් කළ ඩොලර්වලින් රාජ්‍ය ආයතන මිල දී ගන්නවා.”
ලාභ ලබන ආයතන පවා මෙලෙස විකිණීමට දමා එම ආයතන විනාශ කළ පාලකයින්ම රජයට ව්‍යාපාර කළ නොහැකි බව පවසමින් ඔවුන්ගේ කළු සල්ලිවලින් එම ආයතන මිල දී ගැනීමේ කූට ව්‍යාපෘතියක් මේ සියල්ල යටින් දියත් වී ඇති බව ඒ මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ මෙතෙක් මේ රටේ තේ වතු ටික ඇතුළුව පුද්ගලකරණය කළ බොහෝ ව්‍යාපාර විනාශයට පත්වූවා මිස තිබූ තැනින් දියුණු වූයේ නැති බවයි.