පුවත්

හම්බන්තොට විදුලිය ගබඩා කිරීමේ පද්ධතියක්

Published

on

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ බව අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක – බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොරියානු ජනරජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ) ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල හා බලශක්ති  අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version