පුවත්

හම්බෙගමුව දී වෙඩි තැබීමක්

Published

on

ඊයේ (12) රාත්‍රීයේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් හම්බෙගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Trending

Exit mobile version