යුධ හමුදා සාමාජිකයන් ලෙස වෙස්ගෙන රුපියල් ලක්ෂ පනහකට අධික මැණික් කොල්ල කෑ කණ්ඩායමක් සොයා අරලගංවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ගිනිඅවි සහ අත් විලංගු සහිතව සිටි, යුද හමුදාවට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයින් දෙදෙනකු විසින් කැකුළුවල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේදී යතුරු පැදියකින් ගමන් කළ ව්‍යාපාරිකයකු නවතා පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.
එම පුද්ගලයන් එම ව්‍යාපාරිකයා පරික්ෂා කරන මුවාවෙන් ඔහු සතුව තිබූ මැණික් ගල් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.