2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත දරුවන්ට රජයේ පාසල්වල 06 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අභියාචනා මේ මස 13දා – 29දා දක්වා මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස එක් දරුවෙකුට උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකි වේ.