Connect with us

පුවත්

හයේ පිල සන්ධාන ගතවෙයි; පොහොට්ටුවෙන් තවත් පිරිසක් ගැලවෙයි!

Published

on

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ කණ්ඩායම් හයක ඒකාබද්ධ පුළුල් සන්ධානය මේ සතියේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් හතළිස් තුන්වැනි සේනාංකය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයයි.

සන්ධානගත වීම්වල දී මෙතෙක් පැවැති ප්‍රධාන පක්ෂයේ වටා ඒකාබද්ධ වීමේ රටාවක් මෙම සන්ධානයට නොමැත. 

සන්ධානය මෙහෙයැවීමේ වගකීම සියලු කණ්ඩායම් නියෝජනය වන ආකාරයේ සම නායකත්වයන්ට, නායකත්ව මණ්ඩලයකට හෝ සභාපති මණ්ඩලයකට පැවරීමේ යෝජනා සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඉදිරි දින කිහිපය ඇතුළත එම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් වාර්තා වේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ද මෙම සන්ධානයට එක් වීමට සූදානමින් සිටින බවද ඔවුන් මෙලෙස විපක්ෂ සන්ධානයකට එක් වීමට හේතුව විදුලි ගාස්තු වැඩි කිරීම බවද එම නියෝජිතයා සඳහන් කළේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved