අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19) අවසර ලබාදී තිබේ.
ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියෙකු හරහා එය සිදුකිරීමට මහේස්ත්‍රාත්වරයා අවසරය ලබා දී ඇත.
හරක්කටා වෙනුවෙන් මෝසමක් ගොනුකරමින් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.