Connect with us

පුවත්

“හරක් කටා” ඔක්තෝබර් 10 උසාවි ගේන්න යයි

Published

on

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර නිවසේ හිමිකරු සතු රුපියල් 20,000ක මුදලක් හා මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද විත්තිකරුට චෝදනා එල්ල වී තිබුණි.

මේ වනවිට මියගොස් සිටින හර්ෂ යසස්ශ්‍රී ජයම්බීර නමැත්තා සමග 2015 ජුනි මස 10 වනදා මුල්ලේරියාවේ පිහිටි අනුර පාලිත පෙරේරා නමැත්තාගේ නිවසට කඩාවැදී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර එම මංකොල්ලය සිදුකර ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත විත්තිකරුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

(අද දෙරණ)

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved