පුවත්

හරක් කටා බේරාගන්න ඇමැත්තෙක් හා පුතෙක් පොරයක

Published

on

රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන ලෙසට රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයාකු හා ඔහු පුතා පොලිසියේ ඉහළම නිලධාරීන්ට නිතර නිතර බලපෑම් සිදුකරන බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

හරක් කටා නිදහස් කර ගැනීමට මෙම අමාත්‍යවරයා හා ඔහුගේ පුත් දැඩි වෙහෙසක් ගෙන ඇති බවත්, ඔවුන් ඒ වෙනුවෙන් අභ්‍යන්තර මෙහෙයුමක් ද දියක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රුඳවුම් නියෝග මත සිටින හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද එම අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම අමාත්‍යවරයාගෙන් හා ඔහුගේ පුතාගේ නිතර නිරත සිදු කරන බල පෑම් හමුවේ උසස් පොලිස් නිලධාරීන් දැඩි අපහසුවට පත්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version