මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී ඇත.
ආරක්ෂක අමාත්‍යංශය විසින් එලෙස අවසර ලබා දී ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ඒ බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඉකුත් 06 වැනිදා නියෝග කර තිබුණි.
අභියාචනාධිකරණය නියෝග කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් එසේ කරන ලෙසට ය.
හරක් කටා නමැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබුණි.