පුවත්

හරක් කටා හා කුඩු සළිදු නිසා කටුකායක ආරක්ෂාව තරකරයි (ජායා) 

Published

on

පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත හෙවත් කුඩු සළිඳු යන දෙදෙනා අද  (15) මෙරටට ගෙනඒමත් සමග කටුනායක ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ

මොවුන්ගේ ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යාවශ්‍ය රාජකාරී ගුවන් යානය අසළදීම සිදු කර , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

එසේම මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබූ අතර  , එම නිලධාරීන්  ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ, ලිඛිතව , නිල වශයෙන් මොවුන්  භාර දීම සිදු කර තිබුණි .

මොවුන් දෙදෙනා භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වාහන 06 කින් පමණ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ  පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙම සිදුවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ  ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.

Trending

Exit mobile version