පුවත්

හරිනිට සහ විජිතට දුන් මුද්දර ගැන තැපැල්පතිගෙන් පිළිතුරු

Published

on

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උත්සවයේ ආරාධිත දෙපළ වූ අගමැතිනි හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුලත් සමරු තිළිණ දෙකක් ඔවුන් වෙත ප්‍රදානය කිරීම සිදු වූ බවය.

එලෙස තිළිණ කළ මුද්දර පුද්ගල කාරක මුද්දර කාණ්ඩයට අයත් වන අතර ඕනෑම අයෙකුට එලෙස තමන්ගෙ ඡායාරූපය යොද මුද්දර සකස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති බවත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව, සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගල කාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදු කරන බවද එන නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව,මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යයන් තුළ පුවතක් ප්‍රචාරණය වන බවත්,  එය හුදෙක්ම සිහිවටන තිලිණයක් පමණක් බවත් තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

Trending

Exit mobile version