බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි. සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ඔහු පවසා සිටී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ බදු ගෙවන පුද්ගලයින් වෙනුවෙන් රජයේ දායකත්වය මත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කළ බවත් එම පුද්ගලයින්ගේ ව්‍යාපාර ඔනෑම වෙලාවක බිඳ වැටිය හැකි බැවින් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. එමෙන්ම එකී වෘත්තිය අවධානම මත පදනම්ව නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන්නේ නම් එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටී.