පුවත්

හරි බීඩිවලට සමානව හොර බීඩි; කැසිනෝ වටේ නීති විරෝධී දුම්වැටි 

Published

on

නීති විරෝධී ආකාරයෙන් වසරකට බීඩි බිලියන 4.5කට වඩා නිෂ්පාදන කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිත්‍යානුකූල ලෙස රටේ වසරකට බීඩි බිලියන 4.5ක නිෂ්පාදනය කෙරෙන බව ද අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්, මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා කියයි.

මෙරට නිපදවනු ලබන සෑම බීඩියක් සඳහාම ඉකුත් 03 වැනිදා සිට රුපියල් දෙකක බද්දදක් අයකරනු ලබයි. 

මේ අතර නීති විරෝධී දුම්වැටි සම්බන්ධව දැඩි බාධක යොදා තිබුණද, කැසිනෝ ආශ්‍රිතව සහ චීන ජනතාව බහුලව සිටින ප්‍රදේශවල නීති විරෝධී දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.

Trending

Exit mobile version