හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.
වන සංරක්ෂණයට පවරාගත් ඉඩම් වලට LRC ඉඩම් අනීතිකව හිලව් කර කෝටි ගණනක් වටිනා ඉඩම් ජාවාරමක් සිදු කර ඇතැයි මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.
“සුප්‍රසිද්ධ යකඩ නිෂ්පාදන කම්හලක හිමිකරුවෙකුගේ මාමණ්ඩියට අයත් මීමුරේ පිහිටි වන සංරක්ෂනයට පවරාගත් ඉඩමකට, LRC ආයතනයේ ලොක්කන් සහ හිටපු ඉඩම් ඇමති හරීන් එකතු වෙලා කොළඹින්, හන්තානෙන්, කටානෙන් කෝටි ගණන් වටින රජයේ ඉඩම් අක්කර ගණන් හුවමාරුවට දීලා. සමහර ලිපි ලියන්නේ බැක්ඩේට් කරලා. කොටි ත්‍රස්තවාදය පරාජය කරපු රටේ ඉඩම් ත්‍රස්ථවාදය පරාජය කරන්න බැරි වෙලා තිබෙනවා.”