Connect with us

පුවත්

හරීන්ගේ පුරප්පාඩුව හිරුණිකාට

Published

on

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවට තරුණ නායකත්වයක් ලබා දිය හැකි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කරන ලෙසට සමගි ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුර අහිමි වීමෙන් ඒවා පුරප්පාඩු විය.

මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කෙරුණි.

කෙසේවුවද, හරින් ප්‍රනාන්දු දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වා පුරප්පාඩුව පවතී.

මේ අතර, බදුල්ලේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබිණි.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත් මහතාට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සදහන් කලේය.

සබැඳි පුවත්:

පුළුවන් නම් හිරුණිකාට අසුන දෙන්න: හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්

මනූෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved