පුවත්

හරීන්ට බැරිනම් මේක කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න

Published

on

තරුණ සේවා සභාවේ වාර්ෂික සැලැස්මේ නොමැති සංගීත සංදර්ශනවලට කෝටි ගණන් වැය කරනවිට වාර්ෂික සැලැස්ම ඇති බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය සංවර්ධනය කිරීමට වගේ වගක් නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා චෝදනා කරයි.

ගරා වැටෙමින් ඇති මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ඊයේ(29) දින එම ආයතනයට ගිය අතර එහිදී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පහත අදහස් පළ කළේය.

“හිටපු යෞවන හා තරුණ කටයුතු අමාත්‍යවරයා අද වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා තිබෙනවා.. එදා ඔහු පටන් ගත්ත බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අද වෙනකොට මේක ඌරෝ වගේ සත්තු ලගින ගව ගාලක් බවට පත්වෙලා තිබෙනවා.. අද යෞවන කටයුතු අමාත්‍යවරයා, තරුණ සේවා සභාවේ සභාපතිවරයා අන් ඔය කියන මිනිස්සු දෙන්නගේ කනෙන් ඇදගෙන ඇවිල්ලා අපි කියනවා ජනාධිපතිතුමනි මේ බෙල්වුඩ් සෞන්දර්ය ආයතනය ගරා වැටිල තියෙන තත්ත්වය පෙන්නන්න කියලා.. මේ බෙල්ලුම් සෞන්දර්ය නිකේතනයේ තරුණ දූ පුතුන්ගේ කලාකාමීත්වය ඒ ඔවුන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කරගන්න මේක තම ක්ෂේමභූමිය.. අද මේ ක්ෂේමභූමිය සුසානයක තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන ඉතාමත්ම වැදගත්ම කලාආයතනය තමයි, කලාකාමීන් සහ කලාකරුවන් ප්‍රවර්ධනය කරන ස්ථානය තමයි බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය..

මේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අවට බලද්දි අපිට පපුව හෝස් ගාලා යනවා..

මේ රටේ බදු ගෙවන ජනතාවගේ ජාතික ධනය මේ වගේ නිරපරාදේ විනාශ වෙලා යනවා..

තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්නලා, හරේන් ප්‍රනාන්දුලා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරු.. මේ අය රට පුරා බජව් දාගෙන සංගීත සංදර්ශන පවත්වාගෙන යනවා ඉන්දියාවෙන් කලාකරුවෝ ලක්ෂ 120ක් පමණ ගෙවලා ගෙන්නලා.. මේක සුසාන භූමියක තත්ත්වයට පත්වෙලා මරණ මංචකවේ පණ අදිමින් ඉන්නවා. ඒ නිසා පණ අදින බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය හරින් ප්‍රනාන්දුට පසිඳු ගුණරත්නට මේ අයට මේක ගොඩනගන්න බැරිනම් පුළුවන් මිනිහෙකුට මේක බාර දෙන්න කියලා අපි තරයේ ඔබට යෝජනාවක් කරනවා..”

Trending

Exit mobile version