Connect with us

පුවත්

හරීන් ජනපති කාර්යාල මාධ්‍ය හමුව මහරියි; මේ සිව්වැනි වතාවයි

Published

on

ජනාධිපති මාධ්‍ය අංශය විසින් පවත්වනු ලබන “ස්ථාවර රටකට සැවොම එක මගකට“ මාධ්‍ය හමුව සඳහා සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු සහභාගි නොවී එය මගහැරීම හේතුවෙන් මාධ්‍යවේදීහු ඊයේ (07) දැඩි අසීරුතාකට පත්වූ බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07) පස්වරු 2 ට පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවට සහභාගිවීමට නියමිතව සිටියේ සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දුය මහතාය. 

මාධ්‍යවේදීන් කල් ඇතිව පැමිණ මාධ්‍ය හමුව සඳහා සූදානම් වූවද ඇමැතිවරයා නොපැමිණියේය.

මෙම මාධ්‍ය හමුවද ඇතුළුව මීට පෙරදී ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමු හතරකට ඇමැතිවරයාට අරාධනා කර තිබුණද, ඒ සඳහා ඔහු සහභාගිවී ඇත්තේ එක් මාධ්‍ය හමුවකට පමණි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෙම මාධ්‍ය හමු සංවිධානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ ජනාධිපති මාධ්‍ය අංශයේ පිරිස ඇමැතිවරයා වරින් වර සම්බන්ධ කරගනිමින් මාධ්‍ය හමුවට සහභාගි වන ලෙස දැනුම් දුන්නද, ඇමැතිවරයා එය මගහැරීමට කටයුතු කිරීම නිසා ඔවුහුද දැඩි අසීරුතාවට පත්ව ඇති බවද පැවසේ.

මෙම ඇමැතිවරයා දුරකථනයෙන් වත් සම්බන්ධ කර ගැනීමට නොහැකි අයකු බවද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ඇමැතිවරයා නොපැමිණීම නිසා පැය එකහමාරකට වැඩි කාලයක් මාධ්‍යවේදීන් ජනාධිපති කාර්යාලය තුළ රස්තියාදු වී ඇති බවද පැවසේ.

සබැඳි පුවත්
ඇමති කොම්පැණිවලින් ගහන ඉන්දීය සංගීත ගැන කසුකුසුවක් 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved