Connect with us

පුවත්

හසලක තුෂාර ‘අද දෙරණ’ නිවුස් කියන්න ගිහින් වාරණයක් දාගනියි

Published

on

SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් පෙරේදා (08) නිකුත් කරනු ලැබුවේය.

ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.

පවර් හවුස් පුද්ගලික සමාගම ගොනු කළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, කොළඹදී පැවති මෝඩාභිමානය නම් වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරියව ඉකුත් මැයි 28 වනදා අත්අඩංගුවට ගැනුණු බවය.

පසුව ඇය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ජූලි 06 වනදා කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කෙරුණි.

නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබිණි.

ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.

ඒ අනුව අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක මුදල සහ එම මුදල මත පැමිණිල්ලේ දින සිට තීන්දු ප්‍රකාශයේ දින තෙක් නෛතික පොලියද එකී තීන්දු ප්‍රකාශිත සම්පූර්ණ මුදල මත එකී මුදල ගෙවා නිම කරන තෙක් නෛතික පොලිය ද සමග අය කර දෙන ලෙසත් ඉල්ලා ඇත.

මෙම නඩුකරය ගොනුකරමින් අද දෙරණ තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්ය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන ස්ථීර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

මෙම නඩුව අසා තීන්දු කරන තෙක් පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.

නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මියගේ උපදෙස් මත නීතිඥ සාලිත පෙරේරා, නීතිඥ අකිල අලුත්වත්ත සමග නීතිඥ ශමිත් ප්‍රනාන්දු පැමිණිලිකාර අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්:

SLVLOG කියන්නේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් – හිමිකරු පිළිගනියි (වීඩියෝ)

බෲනෝ ‌ට ඇප- නතාෂා යලිත් රිමාන්ඩ්

සේපාල්ගෙන් මංජු ගැන CID යට කට උත්තරයක්; මංජු CIDයට

බෲනෝ රිමාන්ඩ්

අන්නමලේ කස්සප හිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කරයි!

බෲනෝ අත්අඩංගුවට ගනියි!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved