Connect with us

පුවත්

හාල් කිලෝ 5ක් දෙන්නේ අත්‍යවශ්‍ය අයට

Published

on

දිවයින පුරා ඇති ලංකා සතොස හරහා අද (06) සිට එක් අයකුට වරකට පොල් ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බවය.

පොල් ගෙඩියක් රුපියල් 130කට අලෙවි කරන බවත්  අවශ්‍ය පොල් තොග සහ සහල් වෙළෙඳපොළට බෙදාහැරීමට ඊයේ (05) දහවල් කාලයේදී සතොස අලෙවිසල් වෙත යැවූ බවත් සභාපතිවරයා පවසා තිබේ.

ඒ අනුව, කොළඹ අවට ඇති සතොස ශාඛාවලින් ඊයේ සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් අද (06) සිට පොල් සහ සහල් මිල දී ගත හැකි බව ලංකා සතොස සභාපති සමිත පෙරේරා මහතා වඩිදුරටත් සඳහන් කලේය.

එමෙන්ම, ඊයේ දහවල් වන විට සියලු සතොස ජාලාවලට නාඩු සහල් යැවීමට කටයුතු කළ බවත්, නාඩු සහල් රුපියල් 220ක පාලන මිලට ලබා දෙන බවත් ඔහු පවසා සිටියේය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එසේ සීමා නොකළහොත් තොග වෙළෙඳුන් පැමිණ එම මිලට ලබාගෙන නැවත රුපියල් 235-240 වැනි වැඩි මිලකට විකුණනු ඇති බවය.

ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා. ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා. ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යම අයට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මතය.

බොරැල්ල, හේනේමුල්ල, කොටහේන, නාරාහේන්පිට, මාලිගාවත්ත, පිටකෝට්ටේ, තලවතුගොඩ, වොක්ෂල්වීදිය ඇතුලු ස්ථාන ගණනාවක මේවන විට සහල් බෙදැහරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. “ යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved