පුවත්

හාල් – පොල් ගැන තීරණයක්

Published

on

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබාදීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ  ඉදිරියේදී ලංකා සතොස හරහා මෙම සහල් පාලන මිලට දේශීය වෙළෙඳ පොළට සැපයීමට පියවර ගන්නා බවය.

 එළඹෙන උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එමෙන්ම, තදාසන්න ප්‍රදේශවල සතොස අලෙවිසැල් ඔස්සේ පොල් දස ලක්ෂයක් අලෙවි කරන බවද වෙළෙඳ  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

අමාත්‍යවරයා කියා සිටියේ පොල් දස ලක්ෂයක් ඉදිරි සති දෙක තුළ රුපියක් 130ට තදාසන්න ප්‍රදේශවල සතොස අලෙවිසැල් මඟින් සැපයීමට පියවර ගන්නා බවය.

Trending

Exit mobile version