හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක ඊයේ (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හැටන් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී තිබේ.
ගින්නෙන් වතු කම්කරුවන්ගේ බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර පැතිර යන ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සායක නිරත වන බවද සඳහන්ය.