හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ජනාධිපතිවරණ මැතිවරණවලදී සහාය ලබානොදුන් බව හැකිනම් ප්‍රසිද්ධියේ පිළිගන්නා ලෙස ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා අභියෝග කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටිමින් අනුර කුමාර දිසානායක මහතා පෙර පැවති ජනාධිපතිවරණවලදී ඉහත සඳහන් කළ සියළුම ජනාධිපතිවරුන්ට සහාය දක්වා ඇති බවට ඔහු එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා කළේය.
එම නිසා එම රජයන්වල හොරු නිර්මාණය කිරීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් සහාය ලබාදී ඇති බව ඔහු සඳහන් කරයි.
දෙස් විදෙස් මැතිවරණ වේදිකාවලදී හොරු පිළිබඳ තමා සන්තකයේ ෆයිල් ඇති බව නොපවසා අධිකරණයට ගොස් අධිකරණයේ සහාය ලබාගන්නා ලෙස පී. හැරිසන් මහතා සිහිපත් කර සිටියේය.