පුවත්

හික්කඩුවේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Published

on

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (30) දිනයේදී හික්කඩුවේ සිදුකළ තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට (29) සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version