හික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29) පියවර ගත්තේය.
හික්කඩුව නගර සභාව විසින් ප්‍රදේශයේ දේශපාලන බලවතුන් කිහිපදෙනෙක් ගෙන්වා මේ විවෘත කිරීම් ඊයේ (29) පස්වරුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතනවලට පැමිණිළි කිරීමෙන් අනතුරුව එම ආයතනවලින් මැතිවරණ කොමිසන් සභාව දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් අනුව මැතිවරණ කොමිසම විසින් මේ විවෘත කිරිමේ උත්සවය නතර කරන ලෙස හික්කඩුව නගර සභාවට දන්වා තිබේ.
පළාත් පාලන ඡන්දය සදහා නාම යෝජනා දී ඇති හික්කඩුව නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්තීන්ට මෙවැනි විවෘත කිරීම් සිදු කළ නොහැකි නිසා මේ විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
(අද)