පුවත්

හික්කඩුවේදී වෙඩි තබා ඇත්තේ කුඩු රොෂාන් ඝාතනයේ සැකකරුවන්ට! (Update)

Published

on

අද (31) පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ 2020 දෙසැම්බර් 20 වැනිදා හික්කඩුව මිල්ල ප්‍රදේශයේදී කුඩු රොෂාන් නැමැත්තා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බව පොලිසිය පවසයි.

_____________________(පෙර පුවත 2022.10.31, පෙ.ව.11.12)_______________________

හික්කඩුවේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරුට (Update)

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

_____________________(පෙර පුවත 2022.10.31, පෙ.ව.10.38)_______________________

හික්කඩුවේ වෙඩිතැබීමක් : දෙදෙනෙකුට තුවාල

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම අද (31) උදෑසන 9.30ට පමණ සිදුව ඇත.

එලෙස වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ, අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version