පුවත්

හිඟයකින් තොරව බිත්තර වෙළඳපොළට

Published

on

හිඟයකින් තොරව වෙළෙඳපොළට, බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 -36ත් අතර පවතින බවය.

කෙසේ වෙතත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින්, ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවද අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කලේය.

ඒ අනුව රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිළ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.

වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් ද බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද අජික් ගුණසේකර මහතා විසින් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටින ලදී.

Trending

Exit mobile version