Connect with us

පුවත්

හිඟුරක්ගොඩ සංගීත ප්‍රසංගයක ප්‍රේක්ෂකයින් යකා නටයි

Published

on

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රකෝපකාරීව හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවන බවට ලෙස මීට පෙර දැන්වීම්කර තිබූ ගායන ශිල්පින් දෙදෙනෙක් ඊට නොපැමිණීමත් සමඟ ප්‍රේක්ෂකයින් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයින් වේදිකාවට, සංගීත භාණ්ඩවලට ඇතුළු දේපළවලට දැඩි ලෙස හානි සිදුකර ඇති බව ද සඳහන්ය..

මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටර් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇති අතර, ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තා විය.

සංගීත ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින්ට රුපියල් 1,000 සහ රුපියල් 2,500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත් නිකුත් කර තිබේ.

මේ අතර ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ රාජකාරියේ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට එම නිලධාරීන්ට හැකි වී නැත.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved