Connect with us

පුවත්

හිටපු අමාත්‍යංශ ලේකම් හපුහින්න ඕස්ට්‍රේලියාවේදී ගිලී මැරෙයි

Published

on

හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් පෙරේදා (14) අභාවප්‍රාප්ත වී ඇත. මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගණනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇත.

සිය වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇත.

ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳ නීතිඥවරියකි.

පුවත්

මිටියාගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Published

on

By

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 3 වනදා මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

Published

on

By

මෙරට  සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.

ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ලඟදීම?

Published

on

By

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වැනිදා සිදුවු අතර එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved