හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි.
බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය.
සැකකරුවන් අද(06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(පෙර පුවත 2025 මාර්තු 06 පෙ.ව.06.59.)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසිනි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කූඨ ලේඛන සකස් කර කැලණිය ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
එම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියකි.
එම ඉඩම් වංචාවට සහය දුන් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.