Connect with us

පුවත්

විජයමුණිට ඇප ( Update )

Published

on

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර ඇත.  


(පෙර පුවත 2025 ජනවාරි 20 පෙ.ව 07:35 )

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස ලොරි රථයක් එකළස් කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දිනයේදී හිටපු අමාත්‍යවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටි අතර එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විජිත් විජයමුණි සොයිසා මහතාව අද (20) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකා තානාපතිගෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ  ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

“අප පදිංචි ටෙල්  අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ  මිසයිල ඊශ්‍රායල් ගුවන් හමුදාව හා අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම් කනවා. නිවාසවල වීදුරු සෙලවෙනවා. ප්‍රදේශ කිහිපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තා වුණා. තුවාල සිදුවීම් 50කට අධික බව වාර්තා වුණා.”

“තුවාලකරුවන් අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අයත් බව වාර්තා වෙන්නේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.”

“ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබෙනවා.”

“ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන්තොටුපොළේ රැදුණු ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු පිළිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කරනවා.”

“ඔවුන්ට තාවකාලිකව රැඳී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලුදෙනා තම ගුවන්ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දැනුම්දෙනවා. එමගින් ඔවුන්ගේ ර්‍එ-එන්ට්‍රය් විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැකියි.”

“තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැකියි.”  

Continue Reading

පුවත්

ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ වනවිට මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved