හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස වලින් 27 ක් යළි රජයට පවරා ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට ඇති බවය.
ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රැඳී සිටි නිල නිවසයි.
අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම නිවසට අදාළව ගෙවිය යුතු කුලී ගාස්තු අඩුපාඩුවක් මත නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී ඇති බවය.
එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවස ද, රජයට පවරා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කලේය.