Connect with us

පුවත්

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් සමිතා වාහන 3ක් ගත්තාද?

Published

on

ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල සහ වෙනත් ස්ථාන රැසක අතහැර දමා ගිය සුපිරි නිල රථ පාවිච්චි කළ පුද්ගලයින් ගැන දැන් දැන් සමාජ මාධ්‍ය විවිධ කතාබහක් ඇති වී තිබේ.

විශේෂයෙන් යූටියුබ් සමාජ මාධ්‍යයේ ඇතැම් ක්‍රියාකාරීන් මෙම වාහන මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරු සහ දරුවන් පාවිච්චි කරන බවටත් චෝදනා එල්ල විය.

ඒ අතරතුර එම නිල රථ පාවිච්චි කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් මේ වන විට සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.

නමුත් එහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් විවිධ පිරිස් ප්‍රශ්න මතු කරයි.

එවන් තත්වයක් තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් ලෙස අතිශය කතාබහට ලක්වන නුවන් නැමති තරුණයා ආන්දෝලනාත්මක හෙලිදරව්වක් සිදු කර තිබේ.

ඔහු සදහන් කළේ රජයේ වාහන තුනක් සමිතා මුදුන්කොටුව පාවිච්චි කරන බවය.

කටුබේරියේ පදිංචි තමන්ට හිතවත් මිත්‍රවරුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව තමන්ට මේ තොරතුරු ලබා දුන් බවයි මෙම තරුණයා සදහන් කර තිබුණි.

ඒ තරුණයා වැඩිදුරටත් සදහන් කරන්නේ සමිතා මුදුන්කොටුව ප්‍රවීණ ගායන ශිල්පිනිය රජයේ වාහන තුනක් භාවිතා කළ බවය.

එසේම ඔහු සදහන් කර තිබුණේ මෙම වාහන ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇයට ලබා දී ඇති බවය.

කෙසේවෙතත් මෙම තරුණයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු මේ සම්බන්ධයෙන් අතිශය ආන්දෝලනාත්කම කතාබහක් සමාජයේ ඇති වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වීඩියෝ පට කිහිපයක්ම අන්තර්ජාලයේ දැක බලා ගැනීමට හැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සමිතා මුදුන්කොටුව මුනිවතින් සිටීම කැපී පෙනුණි.

කෙසේවෙතත් රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සමිතා මුදුන්කොටුව දුරකථනයෙන් සම්බන්ධය කර ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබුණි.

ඒ සම්බන්ධයෙන් සමිතා මුදුන්කොටුව ප්‍රවීණ ගායන ශිල්පිනිය සදහන් කර ඇත්තේ තමන්ට කුඩා කල සිටම මුදල් හදල් තිබූ බවත් රජයේ වාහන පාවිච්චි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved