පුවත්

හිටපු උපකුලපතිට ගැහුව 6ක් අත්අඩංගුවට ගනියි!

Published

on

පේරාදෙණිය හිටපු උපකුලපති හා ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ඊයේ (12) රාත්‍රීයේ සැකකාර සිසුන් 6 දෙනෙක් පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23 හා 25 අතර වන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලීසිය පැවසුවේ මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකාර සිසුන් 6දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

Trending

Exit mobile version