Connect with us

පුවත්

හිටපු ජනපතිවරු නඩත්තුවට රුපියල් මිලියන 220ක්

Published

on

මෙරට හිටපු ජනාධිපතිවරු 4 දෙනකු සහ ජනාධිපති ආර්යාවන් නඩත්තු කිරීම සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 220ක් පමණ වෙන්කොට ඇති බව පසුගිය අයවැය ලේඛනයෙන් අනාවරණ වේ.

2022 දී ඒ සඳහා රුපියල් මිලියන 151ක් පමණ වෙන්කොට තිබූ අතර, 2023 වසරේදී මිලියන 169ක් වෙන්කොට තිබූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

2022න් පසුව අදාළ ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා වෙන්කරන ලද මුදල 45%කින් පමණ වැඩිවී ඇති බවද පැවසේ.

2023ට සාපේක්ෂව සලකා බලන විට 2024 වසරේ මෙම වියදම් 30%කින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවරණ වේ.

වර්තමාන රජය විසින් හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා යන වියදම් අහෝසි කරන්නේ නම් ඒ තුළින් රුපියල් මිලියන 220කට වැඩි මුදලක් වාර්ෂිකව ඉතිරි කරගැනීමට හැකි වන බව පැහැදිලි වේ.

මෙයට අමතරව මෑතකදී කාලය අවසන් වූ ජනාධිපතිවරයාගේ වියදම් ද අනාගතයේදී මෙයට එකතු විය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved