Connect with us

පුවත්

රනිල් CIDයට කළ ප්‍රකාශය (Update)

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.

අද පස්වරු 3.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ දීමෙන් පසු පිටව ගියේ ය.

එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබුනේ බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ඖෂධ හදිසියේ මිලදී ගැනීමට අදාළව 2022 සැප්තැම්බර් 26 සහ ඔක්තෝම්බර් 25 ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා පිළිබඳවයි.

රට තුළ ඖෂධ හිඟයක් පවතින බවත් තත්ත්වය වඩාත් බරපතල වන බැවින් ඊට පෙර ඖෂධ තොගයක් මිලදී ගත යුතු බවත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල සඳහන් කර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.4:04 )

හිටපු ජනපති රනිල් CIDයට එයි (UPDATE)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවට වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබිණි.


(පෙර පුවත 2025 ජූනි 11 පෙ.ව.9.29 )

හිටපු ජනපති රනිල් අද CIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත්

පුවත්

ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ වනවිට මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිතය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාවේ ස්ථාවරය පවසයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ.

එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.

මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් රටවල් දෙකටම යෝජනා කර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වන අතර හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්ව සිටින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දියානු ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පහැදිලි කර තිබේ.

කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස සහ ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස උපදෙස්දී ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Continue Reading

පුවත්

නම් නැති සභිකයින් 223ක්

Published

on

By

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවය.

කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved