Connect with us

පුවත්

හිටපු ජනපති ලේකම් කාර්යාලයේ අය කාල තියෙන්නේ කාබනික එළවළු

Published

on

නුවරඑළියේ වෙනම වවන කාබනික එළවළු කිලෝ හැට බැගින් හැම සිකුරාදාම ජනාධිපති ලේකම් කාර්යාලට ගෙන ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළියේ ඊයේ ( 03 වැනිදා ) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියේ දී ය. 

පුරවැසියන් යටත් වැසියන් බවට පත් කර හැමදාම බලයේ සිටීමට හැකි වනු ඇත යන්න ඒ අයගේ විශ්වාසය වූ බව ද කී ජනාධිපතිවරයා මෙසේද කීවේය. 

මේ දක්වා ඉතා උඩ ඉන්න ප්‍රභූ පන්තියක් අතේ තමයි බලය තිබුණෙ. වලව් අතේ බලය තිබුණෙ. ඒ අය හැමදාම හිතුවෙ ජනතාව පාගාගෙන විරාජමානව වැජඹෙන්න පුළුවන් කියලා. හැම අප්‍රියෙල් පළමුවැනිදා ම ජනවාරි පළමු වැනිදාම හිටපු ජනාධිපති නුවරඑළියෙ. කට්ටිය හිතනවා ජනතාවගෙ දුක අහන්න කියලා. නෑ. අන්තිමට එයා නුවරඑළියේ ආවෙ නෝනගෙ උපන් දිනය දවසෙ. අපි දන්නවා මේවා. පාවිච්චි කරන්නෙ රාජ්‍ය දේපොළ. නතර වෙන්නේ රාජ්‍ය බංගලාවල. ඒගොල්ල හැමදාම හිතුවෙ පුරවැසියන් යටත්වැසියන් බවට පත් කරලා ඒ ගොලන්ගෙ ජීවිතය ගෙන යන්න පුළුවන් කියලා. නුවරඑළියේ ජනාධිපති මන්දිරය තියෙන ඉඩමෙ වවන්න ඉඩ තියෙනවාලු. ඒ ඉඩේ කාබනික එළවළු වගා කරනවා. එහෙම වගා කරලා හැම සිකුරාදාම ජනාධිපති ලේකම් කාර්යාලයට කිලෝ හැටක් එනවා. ලොරියෙ පිටකොටුවට එන එළවළු කන්න ඒ අයට බැහැ. ඇයි ඒගොල්ල ඉන්නෙ උඩ. ඒ අයට වෙනම වවන්න ඕනෑ. මම කිව්වා අපිට ආරක්ෂාව සපයන නිලධාරීන්ගේ ආහාර වෙනුවෙන් ඒ කිලෝ හැට දෙන්න කියලා. ඒ ගොල්ල හැමදාම හිතුවෙ ඒ පැත්තෙන් මේ පැත්තට මාරු වෙයි කියලා. හැබැයි ඉතිහාසයේ පළමු වරට පොදු ජනතාව අතට දේශපාලන බලය මාරු වුණා. මේ කියන කතා අහලා රෑට මතක් කර කර අඬනවා ඇති . අනේ අපි හිටියෙ කොහොමද දැන් ඉන්න වෙලා තියෙන්නෙ කොහොමද කියලා. ඇයි නොහිතන දෙයක් වෙලා තියෙන්නේ. ඒකයි මේ දුක. වේදනාව. දැන් දරා ගන්න බැහැ . ඒ අය හිතුවෙ නැහැ පහළ පන්තියට බලය මාරු වෙයි කියලා. පහළ පන්තියට බලය මාරුවීම දැඩි කම්පාවක්. ඒ කම්පාව සමනය කරන ගන්නේ තව සති තුනයිනෙ නැත්නම් මාස තුනයිනෙ කියලා හිතලා. මතක තියා ගන්න මේ ආණ්ඩුව කපේකට වට්ටන්න ලැබෙන්නෙ නැහැ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved