පුවත්

හිටපු ජනාධිපතිනිය පසුතැවෙයි

Published

on

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාව නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පවසන ලදී.

හිටපු ජනාධිපතිනිය විසින් මේ අදහස් පළ කරන ලද්දේ අද (29) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇතිබව කී ඇය ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව කීවාය.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හැඳින් වූ  ඇය,  තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව වැඩිදුරටත් පැවසුවාය.

Trending

Exit mobile version