පුවත්

හිටපු පළාත් පාලන ප්‍රධානීන් හා ජනපති අතර හමුවක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද (18) ජනාධිපති කාර්යාලයේදී  පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් තම සාමාජිකයින් මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සඳහන් කළේය.

සාගර කාරියවසම් මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත් සමග නාම යෝජනා භාර දුන් හිටපු පලාත් පාලන සභිකයින්ට සමාජීය වශයෙන් සිය කාර්යන් සිදු කිරීමේදි දැඩි දුෂ්කරතාවයන්ට ලක් වීමට සිදුව තිබෙන අතර රාජ්‍ය සේවයේ නිරත ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින්ට රැකියාව සිදු කිරීමේදී පවා බාධා මතුව ඇති බවයි.

මෙම තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡාව පැවැත්වෙන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. .

Trending

Exit mobile version