පුවත්

හිටපු බන්ධනාගාර අධිකාරී ඝාතන සැකකරු අධිකරණයට

Published

on

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී  ඊයේ (15) අත්අඩංගුවට ගන්නා ලදී.

ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මෙම අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගෙන ඇත.

අම්බලන්ගොඩ – කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මොහු, දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට ද පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික, යතුරුපැදියකින් පැමිණ පසුගිය මාර්තු මස 13වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ, ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදීය.

සබැඳි පුවත්

Trending

Exit mobile version