Connect with us

පුවත්

හිටපු මන්ත්‍රීවරුන්ට තවත් අහිමි වීමක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවි ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙන බව සඳහන්ය.

ඊට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු සේවා අංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවි තිබුණි.

ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමිවේ.

කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එහෙත් මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමට පසු දිනම එම නිල නිවාස යළි භාරදිය යුතුය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved