පුවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, රිමාන්ඩ්

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැණුනු අතර, අද පස්වරුවේදී ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ කාර්යාලයට සීල් තැබීමට ද අධිකරණය විසින් නියෝග කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේදී ඔහුගේ කාර්යාලයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට නියමිතය.

සබැඳි පුවත්:

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

Trending

Exit mobile version