පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

Published

on

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා ජනවාරි 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 18 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.

(දිනමිණ)

Trending

Exit mobile version